NEWSNOW| – නව රජය යටතේ පළමු අයවැය 2025 පෙබරවාරි මස ගෙන එන බව ජනාධිපති අනුර කූමාර දිසානායක මහතා පවසයි.
එම අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුකරන බව ජනාධිපතිවරයා පැවැසීය.
ඔහු මේ බව පැවසුවේ, ජාතික ජන බලවේගය මහ මැතිවරණය වෙනුවෙන් තංගල්ලේදී සංවිධානය කළ පළමු මහ මැතිවරණ රැළියට අද (19) එක්වෙමිනි.
“අපි ඉතා කෙටි දවසක් ඇතුළත ජත්‍යාන්තර සංවිධාන එක්ක ඉතා හොඳ, රටට හිතකර පරිදි ගණුදෙනු කරමින් විශ්වාසවන්ත ආර්ථිකයක් නිර්මාණය කළා. අපි දෙසැම්බරයේ අතුරු සම්මතයක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි, මාර්තු වනවිට අයවැය ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ අයවැය ලේඛණයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩීවිම පිළිබඳව, පාසල් දරුවන්ට ලබාදීය යුතු දීමනාවන් පිළිබඳව අපි අවධානය යොමුකරලා තියෙනවා. දිලිඳු ජනතාවට, ආබාධිත පුරවැසියන්ට ලබාදෙන දීමනාව අපි සහතික වශයෙන් එළඹෙන අයවැයෙන් වැඩිකරනවා.” ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේය.