NEWSNOW | -ඉදිරි පැය 24 තුළ තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (20) පෙ.ව. 07.00 ට මෙම නිවේදනය නිකුත් කර ඇත.
මධ්‍යම-නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සඳහා මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මධ්‍යම-නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් හෙට (21) දිනයේදී වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
පසුව, එම පද්ධතිය වයඹ දිශාවට ගමන් කරමින්, ඔක්තෝබර් 23 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං (පැ.කි.මී. 70-80), සමගින් තද වැසි පැවතිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.