ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
155

NEWSNOW| –  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබේ.

අද (28) පස්වරුවේ නිකුත් කළ එම නිවේදනය හෙට (29) රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාවලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.