ශිෂ්‍යත්ව විභාග ගැන තීරණයක් ගැනීමට සත් පුද්ගල කමිටුවක්

0
50

NEWSNOW| – මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි.

අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වූ අතර ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

එම විමර්ශන සලකා බලා විභාගය යළි පවත්වන්නේ ද ? නැද්ද ? යන්න අදාළ කමිටුව විසින් තීරණය කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් පැවසීය.