සංචාරකයින් සඳහා “ඊ වීසා” ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මකයි

0
78

NEWSNOW | – සංචාරකයින් සඳහා පමණක් අද (17) සිට “ඊ වීසා” ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, ආරම්භයේදී භාෂා පහකින් “ඊ වීසා” අයදුම් කිරීමේ හැකියාව පවතින බවය.

“නව තාක්ෂණයෙන් වැඩි දියුණු කර, ඊ වීසා ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඕනෑම රටක ඉඳලා ලංකාවට පැමිණෙන සංචාරකයින්ට විතරක් නෙමෙයි. පළමුව සංචාරකයින්ගෙන් පටන් ගන්නවා. ඊට පස්සේ අපි සියලුම වීසා වර්ගවලට ඔන්ලයින් තාක්ෂණය පාවිච්චි කරලා අයදුම් කිරීමේ හැකියාව මේ මඟින් සැලසෙනවා. රටේ ජාතික ආරක්ෂාව ගැන සැලකීමේ දී වඩාත් වැඩි ලේඛන ප්‍රමාණයක් ගැනීම ආදිය සලකා බලලා අපි භාෂා 5කින් මේක පවත්වාගෙන යනවා.”

සති 03ක් වැනි කාලයක් ඇතුළත මෙම ක්‍රමවේදය සියලුම වීසා ඉල්ලුම් කිරීම් සඳහා යොදා ගන්නා බව හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේය.

“දැනට අපි සංචාරක වීසා සඳහා පමණයි මේ ක්‍රමවේදය හඳුන්වා දෙන්නේ. ඉදිරි සති කිහිපය තුළ අධ්‍යාපනික, ව්‍යාපාරික ආදි සියලු වීසා කාණ්ඩවලට මෙය හඳුන්වා දෙනවා. රටේ ආරක්ෂක ක්‍රමවේදය අනුව ඉතා පහසුවෙන් රටට එන්න මෙයින් පහසුකම් ලැබෙනවා. මේ අතර නිත්‍ය පහසුකම් වීසා සඳහා අපි තොරතුරු ලබාගෙන තාක්ෂණයෙන් දියුණු ක්‍රම භාවිතයට ගැනීමට නියමිතව තිබෙනවා.”