රාජ්‍ය අමාත්‍යවරයෙකු ගමන් ගත් වාහනය ගිනි ගනී

0
194

NEWSNOW| – රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ රථය අද(16) අළුයම හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව පෙලිසිය කියයි.

අලුයම 12.45ට පමණ බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා පැමිණෙමින් සිටියදී මෙම ගිනිගැනීම සිදුව ඇත.

කෙසේ වෙතත් ගින්නෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැත.

පසුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.