ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මෙරට සංචාරයක

0
98

NEWSNOW | –  ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.

ලබන සතියේ ඔහු මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ උමා ඔය බහුකාර්ය සංවර්’ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට සහභාගී වීම සඳහාය.

එම උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිත අතර උමා ඔය බහුකාර්’ය සංවර්’ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී ආරම්භ කෙරුණි.

එමගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවත් එක්කිරීමට නියමිතය.

මීට අමතරව පානීය ජල සැපයුම සහ කෘෂිකාර්මික අවශ්‍යතා සදහා ජලය සැපයීම ද මේ යටතේ සිදුකිරීමට නියමිතය.