2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් කරයි.

0
7

2027 වසරේ සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව අලුත් අවුරුදු උදාව අප්‍රේල් 14 වන බදාදා පස්වරු 03:29 ට සිදුවන අතර, එදින පූර්වභාග 09:05 සිට පස්වරු 09:53 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇත.

ආහාර පිසීමේ නැකත එදිනම පස්වරු 06:18 ට යෙදී ඇති අතර, එහිදී කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා මුං මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ග පිළියෙල කළ යුතුය.

එදිනම පස්වරු 08:18 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය සිදු කිරීමට නියමිතය.

හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් 17 වන සෙනසුරාදා පූර්වභාග 07:04 ට යෙදී ඇති අතර, නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට නුග පත් ද පයට කරඳ පත් ද තබා හිසතෙල් ගා ස්නානය කළ යුතුය.

අවසාන වශයෙන්, රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් 21 වන බදාදා පූර්වභාග 06:15 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී මුංඇට මිශ්‍ර කිරිබතක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here