එල්නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් එළැඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයින පුරා සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි තද වැසි ඇදහැලීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, ඉදිරි මාස හය සඳහා වන දත්ත විශ්ලේෂණයට අනුව සාමාන්‍යයෙන් වසරක වර්ෂාපතනයෙන් 30%ක් ලැබෙන මෙම කාලසීමාවේදී වර්ෂාව තවත් වැඩි වීමෙන් වැව් පිරී ගංවතුර තත්ත්වයක් පවා ඇතිවීමේ අවදානමක් පවතින බවයි. එබැවින් ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානමින් සිටින ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
තවද, දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි යන මාසවලදී මෙම එල්නිනෝ තත්ත්වයේ බලපෑම තදින්ම පැවතිය හැකි බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

