2027 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරෙයි

0
10

2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (21) දිනයේදී රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ මෙම පනත් කෙටුම්පතට අනුව 2027 වසර සඳහා රජයේ ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් බිලියන 4,992.77ක් (රුපියල් 4,992,773,388,000ක්) ලෙස දැක්වේ.

මෙම විසර්ජන පනත් කෙටුම්පත පළමු වර කියවීම ලබන ඔක්තෝබර් 7 වනදා සිදු කිරීමට නියමිත අතර, අයවැය කතාව හෙවත් දෙවන වර කියවීම නොවැම්බර් 12 වනදා සිදු කෙරෙනු ඇත.

අනතුරුව නොවැම්බර් 13 සිට 20 දක්වා දෙවන වර කියවීමේ විවාදයත්, නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා කාරක සභා අවස්ථා විවාදයත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here