2027 එක්දින ලෝක කුසලාන තරග කාලසටහන නිකුත් වෙයි

0
16

2027 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ බෙදීම් සහ තරග කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය 2027 ඔක්තෝබර් 02 වනදා සිට නොවැම්බර් 21 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කණ්ඩායම් 14ක් සහභාගී වන මෙම තරගාවලියේ මූලික වටය කණ්ඩායම් 7 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව B කාණ්ඩයට ඇතුළත් කර තිබේ.

එම කාණ්ඩයට ශ්‍රී ලංකාවට අමතරව එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බංග්ලාදේශය සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් තේරී පත්වන කණ්ඩායමක් ඇතුළත් වේ.

මේ අතර A කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ සහ සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තරග වැදීමට නියමිතය.

තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව තරග නොවැම්බර් 17 වනදා කේප් ටවුන්හිදීත්, නොවැම්බර් 18 වනදා ට්ෂ්වානේහිදීත් පැවැත්වෙන අතර, ජයග්‍රාහකයා තීරණය කෙරෙන මහා අවසන් තරගය නොවැම්බර් 21 වනදා ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here