යුරෝපයේ සහ ආසියාවේ පැවැති ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ (WTT Youth Contender) මේස පන්දු තරගාවලි තුනකට සහභාගී වී රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළුව පදක්කම් 5ක් දිනාගත් ශ්‍රී ලාංකික යොවුන් මේස පන්දු ක්‍රීඩක ටාවි සමරවීර අද (02) අලුයම දිවයිනට පැමිණියේය.
මෙම අභිමානවත් ජයග්‍රහණ වැල හිමිකරගත් ටාවි සමරවීර අද අලුයම 02.24ට දෝහා සිට පැමිණි ‘කටාර් ගුවන් සේවයට’ (Qatar Airways) අයත් QR-662 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
දිනාගත් පදක්කම් එකතුව
-
ස්ලෝවේනියාව (අගෝස්තු 25 – 27):
-
වයස අවුරුදු 11න් පහළ ඉසව්ව – රන් පදක්කම
-
වයස අවුරුදු 13න් පහළ ඉසව්ව – ලෝකඩ පදක්කම
-
-
ක්‍රොඒෂියාව (අගෝස්තු 29 – 31):
-
ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ ඉසව්ව – රිදී පදක්කම
-
-
ජෝර්ජියාව (සැප්තැම්බර් 27 – 30):
-
වයස අවුරුදු 11න් පහළ ඉසව්ව – රිදී පදක්කම
-
වයස අවුරුදු 13න් පහළ ඉසව්ව – ලෝකඩ පදක්කම

-

