ඉදිරි 2027 අයවැය තුළ අපද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රතිචක්‍රීකරණය සහ අපද්‍රව්‍ය අවම කිරීම සඳහා විශේෂ ප්‍රමුඛතාවක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී සංවිධානය කළ ‘ප්ලාස්ටික්, නවෝත්පාදනය සහ පරිසර තිරසාරභාවය’ පිළිබඳ 3 වන ජාත්‍යන්තර සමුළුව අද (30) අමතමින් ඇය මේ බව පැවසුවාය.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ 2027–2029 කාල සීමාව තුළ රුපියල් බිලියන 34ක පිරිවැයකින් “පිවිතුරු පුරවර” ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව හෙළි කළ අග්‍රාමාත්‍යවරිය, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් විෂය මාලාවට ‘ශුන්‍ය අපද්‍රව්‍ය’ (Zero Waste) සහ චක්‍රීය ආර්ථික සංකල්ප ඇතුළත් කිරීමටත්, විශ්වවිද්‍යාල මට්ටමින් අන්තර් විෂයීය පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමටත් පියවර ගන්නා බව වැඩිදුරටත් සඳහන් කළාය.

