‘දිට්වා’ කුණාටුවෙන් විනාශ වූ මාර්ග හදන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක අතිරේක සහනයක්

0
6

‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් මෙරට මාර්ග කිලෝමීටර් 600ක් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලෝක බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 110ක මූල්‍ය පහසුකමක් අනුමත කර තිබේ.

ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (IDA) අර්බුද ප්‍රතිචාර වැඩසටහන යටතේ ලැබෙන මෙම ප්‍රතිපාදන හරහා දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන පරිදි නව තාක්ෂණයෙන් යුතුව මාර්ග සංවර්ධනය කෙරෙන අතර, මෙයින් දිස්ත්‍රික්ක 8ක ජනතාව මිලියන 2කට ආසන්න පිරිසකට සහ ගොවීන් 22,000කට ප්‍රතිලාභ හිමිවනු ඇත.

මෙම මූල්‍ය අනුග්‍රහය සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් ලෝක බැංකුව වෙන්කර ඇති සමස්ත ආයෝජනය ඩොලර් මිලියන 610 දක්වා ඉහළ යන අතර, නව රැකියා අවස්ථා 5,600කට වැඩි ප්‍රමාණයක් ද නිර්මාණය වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here