2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත

0
4
ඊයේ (09) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණු 2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි.
අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය සඳහන් කළේ එහි ඇගයීම් කටයුතු අගෝස්තු 20 සිට 25 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
මෙවර විභාගය සඳහා මුළු සිසුන් 294,089 දෙනෙකු පෙනී සිට ඇති අතර, ඒ අතරට සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් ඇතුළත් වූ බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here