මැතිවරණ ප්රතිඵලවලින් 92.8%ක් මේ වන විට ගණන් කර අවසන් වී ඇති අතර, ආසන 61ක බහුතර බලයක් හිමික කර ගැනීමේ සටනේදී මෙතෙක් කිසිදු පාර්ශ්වයකට එම ඉලක්කය කරා ළඟා වීමට හැකි වී නැත.
මෙහිදී නෙතන්යාහු සන්ධානය ආසන 53ක් ද, ගාඩි අයිසන්කොට්ගේ නායකත්වයෙන් යුත් විපක්ෂ සන්ධානය ආසන 48ක් ද, මන්සූර් අබාස් නායකත්වය දරන අරාබි පක්ෂ ආසන 19ක් ද ලබාගෙන තිබේ.
බහුතර ආණ්ඩු බලයක් පිහිටුවීම සඳහා නෙතන්යාහුට තවත් ආසන 8ක අතිරේක ප්රමාණයක් අවශ්ය වී තිබේ. එසේ නම් ඉදිරියේදී රටේ පාලන බලය හිමිකර ගන්නේ කවුරුන් විසින්ද? ඒ සඳහා අරාබි පක්ෂ තීරණාත්මක බලවේගයක් බවට පත් වේවිද?

