ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) අනුව, 2026 ඔක්තෝබර් මාසය තුළ විදෙස් සංචාරකයින් 168,625ක් දිවයිනට පැමිණ ඇති අතර, එය ඔක්තෝබර් මාසයක් තුළ වාර්තා වූ මෙතෙක් ඉහළම සංචාරක පැමිණීම වේ.
මෙය 2025 වසරේ එම කාලයට වඩා 2.1%ක වර්ධනයක් වන අතර, 2018 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම් සංඛ්‍යාවද මෙය ඉක්මවා ගොස් තිබේ.
මෙහිදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි (62,211). ඊට අමතරව එක්සත් රාජධානිය, චීනය, ඕස්ට්‍රේලියාව සහ ජර්මනිය යන රටවලින්ද වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇති අතර, ඔක්තෝබර් 17 වන දින වැඩිම දෛනික සංචාරක පැමිණීම් සංඛ්‍යාව (7,045ක්) වාර්තා වී ඇත.

