නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරේ

0
6

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.

දෙමාපියන්ගේ අසනීප තත්ත්වය පදනම් කරගනිමින් විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමට අල්ලස් කොමිසම විරෝධය පළ කළද, දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.

ඉන්දියානු ක්‍රිෂ් සමාගමට ඉඩමක් ලබාදීමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බවට සැකපිට අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here