16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ ඕස්ට්‍රේලියානු නීතියට එරෙහි නඩුව මහාධිකරණයේදී ඇරඹෙයි

0
14

වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් ඕස්ට්‍රේලියානු රජය පනවා ඇති නීතියට එරෙහිව ගොනු කර ඇති නඩුවක් එරට මහාධිකරණය හමුවේ අද (03) විභාගයට ගැනීමට නියමිතව තිබේ.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වන බව පවසමින් ‘Digital Freedom Project’ සංවිධානය සහ ‘Reddit’ සමාගම විසින් මෙම නඩු පවරා ඇති අතර, මෙම විභාගය අද සහ හෙට (04) යන දින දෙක පුරා පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක මෙම තහනම යටතේ ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා 10ක වයස අවුරුදු 16ට අඩු පරිශීලක ගිණුම් මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අවහිර කර ඇත.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන් තහනම් කිරීම වෙනුවට වඩාත් ඵලදායී ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වා දිය යුතු බව මීට අදාළව මත පළ වී ඇති අතර, දරුවන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම නීතිය අත්‍යවශ්‍ය බව ඕස්ට්‍රේලියානු රජය දැඩිව අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here