හෝමාගම පොලිස් පරීක්ෂකවරයාගේත් වැඩ තහනම්

0
5

හෝමාගම පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරී පැහැර හැරීම මත, එම පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර ඇති බව පොලිස්පතිවරයා නිවේදනය කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 25 වැනි දින හෝමාගම පොලිස් නිලධාරීන් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 490ක් ළඟ තබා ගත් බව කියන පී.ඩී. ඉෂාර හර්ෂ කුමාර නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර, පොලිස් භාරයේ සිටියදී ඔහු මියගොස් ඇත. මේ පිළිබඳව සිදුකළ විමර්ශනවලදී මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්.ආර්.එස්. ප්‍රජාන් සේනානායක මහතා අතින් බරපතළ රාජකාරී පැහැර හැරීම් සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

සැකකරු සිරමැදිරියේ රඳවා තබා ගැනීමේදී නිසි අධීක්ෂණයක් නොකිරීම, විමර්ශන නිලධාරීන්ට නිසි උපදෙස් ලබා නොදීම සහ අනීතික ලෙස පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවේ රඳවා තබා ගැනීමට ඉඩ සලසා දීම යන චෝදනා මත මෙම වැඩ තහනම ඊයේ (28) සිට ක්‍රියාත්මක වන පරිදි පියවර ගෙන ඇත.

මෙම සිද්ධියට අදාළව පසුගිය 26 වන දින සිට හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබූ අතර, ඉන් අනතුරුව ඊයේ පස්වරුවේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇති අතර අද (29) දින ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here