2023 දෙසැම්බර් 31 වැනි දින වැලිගම, පැලෑන ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව අද (07) මාතර මහාධිකරණයේදී අධි චෝදනා භාරදෙන ලදී.
මාතර ප්‍රධාන මහාධිකරණ විනිසුරු නන්දන අමරසේන මහතා හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී හිටපු පොලිස්පතිවරයා ඇතුළු සැකකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පුළුල් පරීක්ෂණ පවත්වනු ලබයි.
මෙහිදී කරුණු සලකා බැලූ විනිසුරුවරයා, දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු සැකකරුවන් අට දෙනා එක් අයෙකුට රුපියල් 250,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදාහැරීමට නියෝග කළ අතර, එම ඇපකරුවන්ගෙන් දෙදෙනෙකු සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවටද කොන්දේසි පනවන ලදී. අදාළ නඩුව යළිත් ලබන නොවැම්බර් 27 වැනි දින කැඳවීමට නියමිතව තිබේ.

