‘සිරිලිය සවිය’ අරමුදල් වංචාවක් ගැන ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට

0
17

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ වන විට එම කොමිසම වෙත රැගෙන විත් තිබේ.

කිරුළපන, පූර්වාරාම පාරේ පිහිටි ඇයගේ නිවසේදී අද පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණු අතර, පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඇය මෙලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම තහවුරු කළේය.

‘සිරිලිය සවිය’ අරමුදලට අයත් ගිණුමක සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සහ සැකකටයුතු මුදල් ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පුළුල් විමර්ශනයකට අදාළව මෙම පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here