දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (07) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරියෙකු තහවුරු කළ පරිදි, හිටපු අමාත්‍යවරයාගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඉදිරි කටයුතු සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

