අද (09) පස්වරු 3:00ට පමණ හැටන් නගරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් බස් නැවතුම්පොළ ජලයෙන් යට වී තිබේ. නගරයේ වැසි ජලය ප්‍රධාන මාර්ගය දිගේ වේගයෙන් ගලා යාම නිසා එම්.ආර්. ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
බස් නැවතුම්පොළට ඉහළින් පිහිටි ගාමිණිපුර ප්‍රදේශයෙන් විශාල ජල ප්‍රවාහයක් බස් නැවතුම්පොළ දෙසට ගලා ඒම නිසා එම ප්‍රදේශයේ නායයෑමේ අවදානමක්ද මතුව තිබේ. අඛණ්ඩ වැසි තත්ත්වයත් සමඟ හැටන් කලාප කාර්යාලයේ ගිණුම් අංශයට ජලය කාන්දු වීමෙන් එහි නිලධාරීන් දැඩි අපහසුතාවකට පත්ව ඇත.
මේ අතර, දීපාවලි උත්සවය සඳහා පිට පළාත්වලින් හැටන් නගරයට පැමිණ සිටින ඇතැම් ව්‍යාපාරිකයන්, වැසි ජලය ගලා යන ප්‍රධාන මාර්ගයට වෙළඳසැල්වල කැළිිකසළ මලු පිටින් විසිකිරීම නිසා මාර්ගයේ වාහන ගමනාගමනය තවත් අවහිර වී ඇති බව වාර්තා වේ.

