හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුද රළු වේ.

0
8

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (12) පෙ.ව. 11.00 ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (13) පෙ.ව. 11.00 දක්වා බලපැවැත්වේ.

​හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැක.අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, හලාවත සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු රළ උස මීටර් 2.0 සිට 3.0 දක්වා ඉහළ යාමේ හැකියාවක් ඇත.

බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළාශ්‍රිත ප්‍රදේශවලට මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතී.

​මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන පිරිස් මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here