දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 62ක් ආවරණය වන පරිදි අනිද්දා සිට ලබන 19 වනදා දක්වා යළිත් විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පවසයි.
කොළඹ ඊයේ (11) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි අතිරේක අධ්යක්ෂ ජනරාල් ඉන්දික ගමගේ සඳහන් කළේ, එල් නිනෝ දේශගුණික සංසිද්ධිය හමුවේ වෙනස්වන කාලගුණ තත්ත්වය සලකා බලමින් පූර්ව ආපදා සූදානමක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කර ඇති බවයි.

