‘සිවුරට යුක්තිය’ පාද යාත්‍රාව පස්වන දිනටත් නිට්ටඹුවෙන් ආරම්භ වෙයි

0
16

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ‘සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව’ අද (13) පස්වන දිනටත් නිට්ටඹුව නගරයෙන් ආරම්භ කර තිබේ.

පසුගිය 10 වැනිදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ඇරඹුණු මෙම පාද යාත්‍රාව, එදින කඩුගන්නාව දක්වා ගමන් කර පළමු දිනය නිමා කළ අතර, දෙවන දින (11) කඩුගන්නාවෙන් පිටත්ව කෑගල්ල දක්වාද, තෙවන දින (12) කෑගල්ලේ සිට වරකාපොළ දක්වාද ගමන් කළේය.

අනතුරුව සිව්වන දිනය වූ ඊයේ (13) දින වරකාපොළ සිට නිට්ටඹුව දක්වා පැමිණි මෙම පාද යාත්‍රාව, අද දිනයේ නිට්ටඹුව නගරයෙන් ගමන් අරඹමින් කඩවත නගරය දක්වා ළඟා වීමට නියමිතය. නිට්ටඹුව සහ කඩවත යන නගර පසුකරමින් ඉදිරියට ඇදී එන මෙම නිදහසේ පාද යාත්‍රාව ලබන 15 වැනි දින කොළඹට ළඟා වීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here