ස්පාඤ්ඤයේ නිවාස අර්බුදය සම්බන්ධයෙන් මහජන විරෝධතා මතුවී ඇති පසුබිමක, නිවාස සහන සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ නව නීති පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර පැය 72ක් ගත වීමටත් මත්තෙන්, රට ඉදිරියට ගෙනයාම සඳහා ජනතාවගෙන් වැඩි බලයක් ලබාගැනීමේ අරමුණින් අගමැති පෙඩ්රෝ සැන්චෙස් විසින් එළැඹෙන නොවැම්බර් 29 වනදා හදිසි මහ මැතිවරණයක් පවත්වන බව නිවේදනය කර ඇති.
කුලී ඉහළ යාම ඇතුළු දැඩි නිවාස අර්බුදය හේතුවෙන් තමන් අතින් යම් යම් අඩුපාඩු හා වැරදි සිදුවූ බව පිළිගන්නා අගමැතිවරයා, මෙලෙස 2023 වසරේදී තවත් සිව් වසරක ධුර කාලයක් සඳහා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්වූවද, වත්මන් අභියෝග හමුවේ මෙම හදිසි මැතිවරණය කැඳවීමට පියවර ගෙන තිබේ.

