එළැඹෙන වසරේ සිට පෙර පාසල් සඳහාද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පවසා ඇත,
අද (05) පැවති වැඩසටහනකදී ඒ මහතා සඳහන් කර ඇත්තේ ඒ අනුව ඉදිරි වසරේ සිට සියලුම පෙර පාසල් එකම විෂය මාලාවක් යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බැවින්, විවිධ වූ අධ්‍යාපනික ක්‍රම තවදුරටත් පෙර පාසල්වල ඉගැන්වීමට අවස්ථාව නොමැති බවය.
“අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අමාත්‍යාංශය තමයි ප්‍රධාන වශයෙන්ම රටේ මානව සම්පත පිළිබඳව වගකියන්නේ. දැන් අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙර පාසල් අධ්‍යාපනයටත් අපි ප්‍රතිසංස්කරණ ගෙනල්ලා ලබන අවුරුද්දේ ඉඳලා පෙර පාසල් අධ්‍යාපනයටත් අපි එක විෂය මාලාවක් තමයි හඳුන්වලා දෙන්නේ. ඒක ලබන අවුරුද්දේ ක්‍රියාත්මක වෙනවා. මින් පස්සේ පෙර පාසල්වල එක එක ඒවා උගන්වන්න බෑ.. මේකත් එක්ක අපි මේ අවස්ථාව වනවිට ඉතාම දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා සියලු කරුණු තේරුම් අරගෙන දැනට පවතින ක්ෂේත්‍ර තුනේම පවතින අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ කරන්න.”

