ස්පාඤ්ඤයේ ටොලේඩෝ ප්රාන්තයේදී අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
මෙම ඛේදනීය සිද්ධිය මුල්කර ගනිමින් එරට අග්රාමාත්යවරයා විසින් දින 3ක ජාතික ශෝක කාලයක් ප්රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. අනතුර සිදු වූ ප්රදේශය ආශ්රිතව සහන සේවකයින් විසින් තවදුරටත් සෝදිසි සහ මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක කරමින් සිටිති.
මෙය මේ වසර තුළ ස්පාඤ්ඤයෙන් වාර්තා වූ දෙවන දරුණුතම දුම්රිය අනතුර වන අතර, පසුගිය ජනවාරි මාසයේ සිදු වූ තවත් දුම්රිය අනතුරකින් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබුණි.

