සමාජ මාධ්‍ය ඔස්සේ LTTE අදහස් ප්‍රවර්ධනය කිරීම් සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට

0
142

NEWSNOW   | –  සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ LTTE සංවිධානය අදහස් හා මත ප්‍රවර්ධනය කිරීමේ චෝදනාවට අදාළව 24 හැවිරිදි තරුණයෙක් අත් අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසය.

ඔහු ත්‍රිකුණාමල ප්‍රදේශයේ දි අයෙකු වන අතර ඔහු ත්‍රිරෝද රථ රියදුරෙකු බවයි පොලිසිය වැඩිදුර සඳහන් කර සිටියේ.

LTTE සංවිධානය සහ එහි නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ අදහස් හා මත ප්‍රවර්ධනය කරමින් ජාතීන් අතර අසමගිය විසංවාදය ඇති කිරීමට උත්සාහ කර ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි ති‍බේ.

අත් අඩංගුවට පත් තරුණයා අද දින (3) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා වැඩිදුර ප්‍රකාශ කර සිටියේ.