සන්නස්ගල සර් අත්අඩංගුවට

0
43

NEWSNOW | –   ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා අද (25) කදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ  චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

කදාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාගෙන මාසයක් ඇතුළත ලබාදෙන බවට පොරොන්දුවී ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් සැකකරු එම මුදල නියමිත දිනට ලබාදීමට අපහොසත්වී ඇති අතර විශ්වාසය කඩ කිරීම හේතුවෙන් මුදල් ලබාදුන් පුද්ගලයා කදාන පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ කදාන පොලිසියේ නිලධාරීන් විසින් වහාම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු අද (25) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කැලණිය දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කදාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here