සංහිඳියාව සහ අන්තර් ආගමික සහජීවනයේ වර්තමාන ප්‍රවණතා යන මැයෙන් විද්වත් සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ නාවල කොස්වත්තේ පිහිටි පහන මාධ්‍ය ආයතනයේදී පැවැත් වුණි.
මෙහි ප්‍රධාන දේශකයා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහභාගීවූ අතර එතුමන් විසින් ‘සංහිඳියාව සහ අන්තර් ආගමික සහජීවනය ශ්‍රී ලංකාවේ ක්ශේෂ පත්‍රය විමසීම’ යන මැයෙන් හරවත් දේශනයක් සිදු කළේය.
පහන මාධ්‍ය ආයතනයේ සභාපති අස්සෙයිද් සාලිම් රිෆායි මවුලානා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී විශ්‍රාමික රදගුරු ආසිරි.පී.පෙරේරා බිෂොප්තුමා, මුන්සීෆ් මවුලවිතුමා, මංජුල ගජනායක මහතා, සුජීව ගයානාත් මහතා, මධු හෙට්ටිආරච්චි මහත්මිය, නිශාන්ත ප්‍රීතිරාජ් මහතා ඇතුළු පිරිස මෙහිදී සිය අදහස් පල කළහ.
මෙම අවස්ථාවේදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මහින්ද දේශප්‍රිය මහතා වෙත පහන පබ්ලිකේෂන් විසින් එළිදක්වනු ලැබූ ‘අභිමානවත් ඉතිහාසයක ලාංකේය මුස්ලිම් ලකුණ’ ග්‍රන්ථය පිළිගැන්වීම පහන මාධ්‍ය ආයතනයේ සභාපති අස්සෙයිද් සාලිම් රිෆායි මවුලානා මහතා, එම පොතෙහි පරිවර්තක ආචාර්ය ධම්මික ජයසිංහ මහතා සහ පහන මාධ්‍ය ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ අබ්දුල් මුජීබ් මවුලවිතුමා විසින් සිදු කරන ලදී.




