රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.
මෙම 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 67ක් ඉදිරිපත්ව ඇති අතර, අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 5ක් ගොනුකර තිබේ.

