සංහිඳියාව ඔප් නංවමින් සර්වාගමික නායකයින් එක් වූ තවත් අවස්ථාවක්

0
165

NEWSNOW| –  නිට්ටඹුව ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ මීසම් භාර පියතුමන් ලෙස වසර 05ක කාලයක් සිදු කළ උදාර දේව දූත මෙහෙවර නිමවා වෙනත් දේවස්ථානයකට ස්ථාන මාරු වී යන ගරු කිරුල් ජයනාත් ද සිල්වා පියතුමන්ට පූජ්‍ය ගාල්ලේ ධම්මින්ද නායක හිමි ප්‍රමුඛ “මනුසත් මිතුරෝ” සංවිධානයේත්, නිට්ටඹුව නව එක්සත් වෙළෙඳ සංගමයේත් උපහාර පිරිනැමීම පසුගියදා එම දේවස්ථානයේ දී සිදු විය.

නිට්ටඹුව -අත්තනගල්ල බෞද්ධ,කතෝලික හා මුස්ලිම් ජනතාව අතර අනභිභවනීය ආගමික සංහිඳියාවක් ඇති කිරීමට කැපවෙමින් ජනතා හිස මත සහජීවනයේ කිරුල පැළැන්දූ කිරුල් ජයනාත් ද සිල්වා පියතුමන් හට ත්‍රිවිධරත්නයේත්, ජේසු සමිඳානන්ගේත්,අල්ලා දෙවිඳුගේත් ආශිර්වාදය පැමිණ සිටි සර්වාගමික නායකයින් වෙත ලබා දුන්නේය.

 

සේයා රූ  Wimal Nissanka සහෘදයාගේ කැමරාවෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here