සංචාරක ව්‍යාපාරය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක ලෝක බැංකු ප්‍රදානයක්

0
8

ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් ඇසුරු කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම උදෙසා ‘THRIVE – Nature’ (Tourism for Heritage, Resilience, Inclusion and Value-driven Employment) ව්‍යාපෘතිය සැලසුම් කිරීමට ලෝක බැංකුව ඩොලර් මිලියනයක ප්‍රදානයක් පිරිනැමීමට එකඟ වී තිබේ.

ව්‍යාපෘති සූදානම් කිරීමේ ප්‍රදාන පහසුකම (GFPP) යටතේ මාස 18ක කාලසීමාවක් සඳහා මෙම අරමුදල් හිමි වේ. දිවයිනට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවට සාපේක්ෂව ලැබෙන ආදායම අඩු මට්ටමක පැවතීම හේතුවෙන්, ස්වභාවික ගමනාන්තවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ පරිසර පද්ධති සංරක්ෂණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

ඒ අනුව, අදාළ ප්‍රදානය භාරගෙන යෝජිත ව්‍යාපෘතිය සකස් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here