රක්ෂිත බන්ධනාගාරගතව කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් වන වෛද්ය මණ්ඩල වාර්තාව අද (15) සවස 4.00 වන විට රෝහල් අධ්යක්ෂවරයා වෙත භාරදීමට නියමිතව තිබේ.
ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළේ, මෙම වෛද්ය මණ්ඩලය සඳහා වෛද්යවරුන් 14 දෙනෙකු ඇතුළත් වන බවයි. එහිදී ඇයගේ හෘද රෝගී තත්ත්වයන් සහ ඊට අවශ්ය ප්රතිකාර කටයුතු පිළිබඳව විශේෂ වෛද්ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර, රුපියල් මිලියන 10ක රාජ්ය මුදල් සාපරාධී සාවද්ය පරිහරණය කළ බවට ඇයට එරෙහිව ගොනු කර ඇති නඩුව හෙට දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමටද නියමිතව ඇත.

