ශිරන්තිගේ වෛද්‍ය වාර්තාව අධිකරණයට – බයිපාස් සැත්කමක් අවශ්‍ය බවටත් සඳහනක්

0
14

ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ‘සිරිලිය සවිය’ සංවිධානය වෙත රුපියල් මිලියන 10ක මුදලක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ වෛද්‍ය වාර්තාව අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇත. එම වාර්තාව පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ආවරණ ලිපියක් ද සමඟින් එය ඉදිරිපත් කර ඇති බවත්, ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රෝගී තත්ත්වය දැක්වෙන එම වාර්තාවට අනුව ඇයට බයිපාස් (Bypass) සැත්කමක් සිදුකළ යුතු බවට නිර්දේශ කර ඇති බවත්ය.

මෙහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉල්ලා සිටියේ, අදාළ වෛද්‍ය වාර්තාව පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තමන්ට අවසර ලබාදෙන ලෙසය.

ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, නඩුවේ වැඩිදුර කටයුතු අද දින පස්වරු 2.45 දක්වා කල් තැබීමට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here