ප්‍රවීන විද්වතෙකු සහ ලේඛකයෙකු වන අමීර් ඒ.එල්.එම්. ඊබ්‍රහීම් මවුලවිතුමා අභාවප්‍රාප්ත වෙයි

0
149

NEWSNOW| –  ශ්‍රී ලංකා ජමාත් ඊ ඉස්ලාමි හි හිටපු අමීර්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික කථිකාචාර්ය, අයේෂා සිද්දිකා උසස් අධ්‍යාපන විද්‍යාපීඨයේ, තන්වීර් ඇකඩමියේ සහ ශ්‍රී ලංකාව පුරා තවත් බොහෝ අධ්‍යාපන ආයතනවල ආරම්භක සභාපතිවරයා වූ ඒ.එල්.එම්. ඊබ්‍රහීම් මවුලවිවරයා ඊයේ(29) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ඔහුගේ නිවසේදීය.

https://goo.gl/maps/K4BDEaefczgYHMD6

ඔහු මර්’හූමා ෆාතිමා හානියා හනීෆා ගේ ආදරණීය ස්වාමිපුරුෂයාද අසාර්ඩ් ජෝවර්, මුජහිඩා, ඉර්ෂාඩ්, මුජහිරා, මුහාජිරා සහ ඉර්ෆාඩ් ඊබ්‍රාහිම්ගේ පියාද. වාදියා ලතීෆ්, රායීස් මුස්තාෆා, ජස්ටින් ෆර්’ඩ්, රුෂ්ඩි ෆාරුක්, ඉම්රාන් ලෆායි, සහ අසීමාහුසේන්ගේ මාමණ්ඩියද වේ

ජනාසා නිවසින් පිටත්ව (941/26 කෝට්ටේ පාර – කෝට්ටේ) කුප්පියාවත සුසාන භූමිය වෙත මාර්තු 30 අද සවස 4 ට පිටත් වේ.

තොරතුරු: ආචාර්ය රේයස් මුස්තාෆා / අසාර්ඩ් ජොවර් 0777228513