ශ්‍රී ලංකා කාන්තා පිල 2027 ශූරයන්ගේ කුසලානයට සෘජුවම සුදුසුකම් ලබයි

0
4
2027 ICC කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වුවද, එම තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (03) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තරගාවලිය වෙනත් රටක පැවැත්වුවද, කණ්ඩායම් 6කින් සමන්විත මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ස්ථානය තහවුරු වී ඇති බවයි. අයි.සී.සී. වත්මන් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවීම ශ්‍රී ලංකාවට මෙම සෘජු සුදුසුකම හිමිවීමට හේතුවී තිබේ.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව දැනටමත් සුදුසුකම් ලබා ඇත. ඒ අනුව ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 6 අතරට පැමිණීමට අපොහොසත් වූ බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ බංග්ලාදේශය යන කණ්ඩායම්වලට මෙවර තරගාවලිය අහිමි වී තිබේ.
තරගාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ නව සත්කාරක රට සමඟ සමීපව කටයුතු කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here