කතරගම – බුත්තල මාර්ගයේදී වනඅලියෙකු පහරදීමෙන් පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අද (03) පෙරවරු 11.00 ට පමණ කතරගම පොලිස් වසමට අයත් විදුලි වැට මුරපොළ අසලදී මෙම අනතුර සිදුව ඇත.
හලාවත ප්රදේශයේ සිට කතරගම වන්දනාමාන කටයුතු සඳහා පැමිණි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ. ගමන් ගනිමින් තිබූ බස් රථයට මාර්ගයේ සිටි වනඅලියෙකු එල්ල කළ ප්රහාරයත් සමඟ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේදී එහි මගීන් 40 දෙනෙකු පමණ සිට ඇති අතර, තුවාල ලැබූ 10 දෙනෙකු කඩිනමින් කතරගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, රෝහල්ගත කළ කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

