ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන් අද ඊද්- උල් ෆිතර් උත්සවය සමරයි

0
59
NEWSNOW | – ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන් අද දිනයේ රාමසාන් ඊද්- උල් ෆිතර් උත්සවය සමරනු ලබයි.
ඒ ඊයේ(09) නව සඳ දිස්වීම නිසා අද(10) දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.
සාමානාත්මතාව පිළිබඳ හොඳම පණිවුඩය ‍ලොවට පහදා දෙන වැදගත් මූලික වතාවත්වලින් එකක් අවසන් කළ ඔවුන් මෙය උත්කර්ෂයෙන් සමරනු ලබනවා‍. ඉස්ලාම් දහමේ ප්‍රධාන වගකීම්වලින් එකක් වන උපවාස මාසය හෙවත් රාමසාන් මාසය, ඊයේ අවසන් වුණි.
නව සඳ දැකීමෙන් අනතුරුවයි, ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය අද සමරනු ලබන්නේ. පසුගිය මාසය පුරා උපවාසයේ සිටීමෙන් අවිවේකීව නොකඩවා ක්‍රියාත්මක වූ ශරීරයට විවේකයක් ලබා දීමත්, දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන්ගේ කුසගින්න අවබෝධ කර ගැනීමත්, මෙහි ප්‍රධාන අරමුණයි.
එමෙන්ම, සමානාත්මතාවයත්, සහෝදරත්වයත් ලොව පුරා පතුරුවා, හැරීමද තවත් අරමුණක්. උපවාසය ශරීරයට සම්පූර්ණ සුවයක් බවත්, සනීප කළ නොහැකි විවිධ රෝගවලට ප්‍රතිකාරයක් බවත්, ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයයි. ශබ්ද නඟා “තක්බීර්” කියා රාමසාන් උත්සවය ආදරයෙන් පිළිගැනීම ඔවුන්ගේ චාරිත්‍රයකි.
රාමසාන් උත්සවය සඳහා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු දෙනා සහභාගීවන අතර, එකිනෙකාට සුබ පැතීම ද මෙහි වැදගත් චාරිත්‍රයක්. තම ඥාති හිතමිත්‍රාදීන්ගේ නිවෙස්වලට ගොස් ආදරය හා සතුට බෙදා ගැනීම ද මෙහිදී සිදු කෙරෙනවා.
මේ අතර රාමසාන් දින පණිඩුයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙත ද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇතිව බවය.
මෙවර ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පොදුවේ අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා එළැඹෙමින් පවතින අවධියක බව ජනාධිපතිනරයා පෙන්වා දෙයි.
මේ අතර රාමසාන් උත්සවය නිමිත්තෙන් ඉස්ලාම් දේවස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාත්මක කර තිබේ.
පොලීසිය, විශේෂ කාර්’ය බළකාය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු 7,000කට වැඩි පිරිසක් මේ සඳහා යොදවා ඇති බව පොලීසිය පැවසුවේය.