ශ්‍රී ලංකාවට එරෙහි තීරණාත්මක තරගයෙන් ජොස් බට්ලර් ඉවතට

0
4

ශ්‍රී ලංකාවට එරෙහිව ලන්ඩන් හි පැවැත්වෙන තීරණාත්මක තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් (Jos Buttler) ඉවත් කර ඇති බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි.

දෙවන එක්දින තරගයේදී පන්දු 49කදී ලකුණු 69ක් ලබා සිටියදී ඉනිමේ 38 වන පන්දුවාරයේදී පාදයේ ආබාධයකට ලක්වූ ඔහු, පසුව නැවත පන්දුවට පහරදීමට පැමිණියද එංගලන්තයට ලකුණු 16ක පරාජයක් හිමිවිය.

බට්ලර් වෙනුවට ඩෑන් ලෝරන්ස් (Dan Lawrence) සංචිතයට කැඳවා ඇති අතර, තරග 3කින් සමන්විත මෙම තරගාවලිය මේ වන විට කණ්ඩායම් දෙකම තරගය බැගින් ජයගෙන 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here