පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් තුවාල ලැබූ සෞඛ්‍ය කාර්ය සහයකයෙකු මියයයි

0
4

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි අද (26) අලුයම 4:00ට පමණ සිදු වූ ගෑස් සිලින්ඩර පිපිරීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 36 හැවිරිදි සෞඛ්‍ය කාර්ය සහයකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රධාන මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බවට සැකකෙරෙන අතර, එයින් අසල ගොඩනැගිලි කිහිපයකට ද දැඩි හානි සිදුවිය.

අනතුරින් තුවාල ලැබූ සෙසු 6 දෙනා අතරින් දෙදෙනෙකු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මෙම පිපිරීමෙන් නේවාසික රෝගීන්ට කිසිදු හානියක් සිදුව නොමැති අතර ඔවුන් ආරක්ෂිතව පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here