ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්

0
6

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සහ සහනදායී ක්‍රමවේද යටතේ ලබා දීමේ අරමුණින්, ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම (NCEL) සහ ශ්‍රී ලංකාවේ සමූපකාර අපනයන හා ආනයන සංගමය (COOPFED) අතර වැදගත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති අතර, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම්ගත වීම සිදු වී තිබේ.

මෙම අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව දෙරට අතර වෙළෙඳ සහ වාණිජ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර, එහිදී ඉන්දීය-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISFTA) වැඩිදියුණු කිරීම ඇතුළු ද්වීපාර්ශ්වික වැදගත්කමකින් යුත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඵලදායි අදහස් හුවමාරු කර ගනිමින් දෙරටේ සමූපකාර අංශයේ සහයෝගීතාව නව මංපෙත් වෙත යොමු කිරීමට මෙයින් අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here