️️️ශ්‍රි ලංකා ජාතික අන්තර් ආගමික පූජක එකමුතුවේ ගරු සභාපති පූජ්‍ය ආචාර්ය සාස්ත්‍රරපති ගලගම ධම්මරන්සි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් බංගලාදේශයේ මහ කොමසාරිස් ගරු ධී.එම්. සලාහුද්දීන් මහ්මූද් මහතා සමග කොළඛ පිහිටි ශ්‍රි ලංකාව සදහා ඛංගලාදේශය මහ කොමසාරිස් කාර්යාලයේදී මෑතකදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවට පූජ්‍ය ආචාර්ය සාස්ත්‍රරපති ගලගම ධම්මරන්සි නායක ස්වාමීන් වහන්ස, ආචාර්ය සිව ශ්‍රී ඛාඛුසර්මා කුරුක්කල්තුමා, අල්-හාජ් අශ්-සෙය්යිද් ආචාර්ය හසන් මව්ලානා අල්-කාදිරි පූජකතුමා, ආචාර්ය ගරු සහායරාජා අන්තෝනි තුමා ඇතුළු ශ්‍රි ලංකා ජාතික අන්තර් ආගමික පූජක එකමුතුව නියෝජනය කරමින් සර්ව ආගමික නායකයින් සහභාගිවුහ.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ ඛංගලාදේශය අතර ආගමික සහජීවනය සහ සංහිඳියාව ගොඩනැගීම සඳහා අන්තර් ආගමික සංවිධානවල වැදගත් කාර්යභාරය සම්බන්ධයෙන්, එහි සවිස්තරාත්මක සැලසුම් පිළිබඳව විශේෂයෙන්ම මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි, මෙම සාකච්ඡාවට ඛංගලාදේශයේ මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක (Counsellor) ධී.එම්. ජන්නතුල් හඛීඛ් මහතාද සහභාගී වූහ.




