ශ්‍රී දළදා වහන්සේ උදෙසා පූජා කළ අභිනව ස්වර්ණමය මහ කරඬුව ගැන මහානායක හිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්

0
3

ශ්‍රී දළදා වහන්සේ උදෙසා අභිනවයෙන් පූජා කරන ලද ස්වර්ණමය මහ කරඬුව සම්බන්ධයෙන් සමාජගත වන සාවද්‍ය තොරතුරු පැහැදිලි කරමින් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා මෙන්ම දියවඩන නිලමේවරයා විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තා උපුටා දක්වමින් එම ලිපියේ සඳහන් වන්නේ, මෙම ස්වර්ණමය මහ කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04ක් වන අතර ඊට රත්තරන් කිලෝග්‍රෑම් 65.224ක් සහ විවිධ මැණික් ගල් කිලෝග්‍රෑම් 1.480ක් ඇතුළත් වන බවයි. ඇතුල්කෝට්ටේ පදිංචි කමන්ත අමරසේකර මහතා ඇතුළු පවුලේ හිතෛෂීන්ගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් නිර්මාණය වූ මෙම කරඬුව, 2026 සැප්තැම්බර් 08 වන දින සම්ප්‍රදායානුකූලව දළදා සමිඳුන් වෙත පූජා කර ඇත.

දෙවැනි විමලධර්මසූරිය රජු දවස ආරම්භ කර කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සම්පූර්ණ කෙරුණු ඓතිහාසික රන් ආලේපිත රිදී මහ කරඬුව එහි අනන්‍යතාව සුරැකෙන පරිදි දළදා මාලිගා අභ්‍යන්තරයේ සුරක්ෂිතව තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ. 1853 ආඥා පත්‍රය ප්‍රකාරව දළදා වහන්සේගේ ආරක්ෂාව සහ තේවාවන් උභය මහා විහාරීය මහානායක හිමිවරුන් සහ දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇති බව ද එම ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here