අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

0
1

2012 වසරේ සිදුවූ ග්‍රීක බැඳුම්කර ආයෝජනය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව අභියෝගයට ලක් කරමින් මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇත.

අදාළ අභියාචනය කරුණු තහවුරු කර ගැනීම සඳහා එළඹෙන ඔක්තෝම්බර් මස 09 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ග්‍රීසියේ පැවැති ආර්ථික බිඳවැටීම හමුවේ ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට දැවැන්ත පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here