විදුලි බිල යලිත් ඉහළ යයි ද…?

0
466

NEWSNOW | – මෙම මස පළමුවැනිදා සිට විදුලි ගාස්තු යලිත් වරක් ඉහළ දැමිම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.

ඒ සඳහා බලපා ඇති කරුණු ලෙස දක්වා තිබුණේ, ජල විදුලියෙන් සහ ගල් අඟුරුවලින් විදුලිය උත්පාදනය පහළ යාම සහ විදුලි ඉල්ලුම ඉහළ යාමයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම් වාර්’තාවලට අනුව පසුගිය ජූලි මස රුපියල් මිලියන 55,163ක්ව පැවති ආදායම පසුගිය සැප්තැම්බර් මාසය වනවිට එම ආදායම රුපියල් මිලියන 50,590ක් දක්වා තව දුරටත් පහත බැස තිබේ.

ආකාර දෙකකින් විදුලි ගාස්තු ඉහල නැංවීමට ලංකා විදුලිබල මන්ඩලය යෝජනා කර ඇත.

1. 22%කින් විදුලි ගාස්තු ඉහළ දැමීම
2. සෑම කාණ්ඩයක් සඳහාම දැනට පවතින ඒකක ගාස්තුව රුපියල් 8කින් වැඩි කිරීම

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය ඉල්ලීම්කර ඇති ආකාරයට විදුලි ගාස්තු ඉහළ දැමීම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදීම සඳහා උපයෝගිතා පනත ප්‍රකාරව ජනතාවගේ අදහස් ලබාගැනීම සඳහා දින 21ක කාලයක් ලබාදී ඇති බවයි මහජන අපයෝගීතා කොමිසම පවසන්නේ.

ඒ සදහා ජනතාවගෙන් වාචික අදහස් ගැනීම මේ මස 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඉන් පසුව අනුමැතිය දීම හෝ නොදීම පිළිබඳව තීරණය කළ හැකි බව ද කොමිසම සඳහන් කරයි.