පසුගිය වසර 75ක කාලය තුළ වාර්තා වූ සියලුම එල් නිනෝ තත්ත්වයන් අබිබවා යමින් මෙවර අතිශය ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය ඇතිවීමේ පුරෝකථනය 75% දක්වා ඉහළ ගොස් ඇති අතර ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී එය ‘ප්‍රබල එල් නිනෝ’ තත්ත්වයක් බවට පත්වීමේ සම්භාවිතාව 98%ක් බවයි.
පැසිෆික් සාගරයේ සිදුවන මෙම වෙනස්කම් හේතුවෙන් ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයින පුරා සාමාන්‍ය මට්ටමට වඩා අධික වර්ෂාපතනයක් ඇදහැලෙනු ඇත. කෙසේ වෙතත්, මෙම අධික වැසි සහිත කාලයෙන් අනතුරුව එළඹෙන 2027 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ වර්ෂාපතනය දැඩි ලෙස පහත බැසීම නිසා බරපතළ ජල හිඟයක් නිර්මාණය වීමේ අවදානමක් පවතී.
මීට අමතරව ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ ඉදිරි කාලයේදී දිවා මෙන්ම රාත්‍රී කාලයේ ද පරිසර උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතිනු ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

